Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රකාශයක්

3 years ago

මෙම වසරේ ජූලි මස 1 වැනිදාට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණ ද වර්තමාන බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.

වසර මැද නිල බස් ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුව 6.42 කින් වැඩි කළ යුතු වුවද ‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ 10% ක බස් ගාස්තුවට එම වැඩිවිය යුතු ප්‍රමාණය හිළව් කළ බවයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසන්නේ.

ඒ අනුව රුපියල් 30 ක අවම බස් ගාස්තුව සහ සෙසු සියලුම බස් ගාස්තු දැනට පවතින මුදලේම තව දුරටත් පවතී.