Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලිට්‍රෝ ගෑස් මිල අද යළි පහළට ?

3 years ago

ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (02) යළි පහත දැමීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එම සමාගමේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

පසුගිය මස 04වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කළ අතර ඒ අනුව එහි නව මිල සටහන් වූයේ රුපියල් 3,186ක් ලෙසයි.

මීට අමතරව කිලෝ 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181කින් පහත දැමූ අතර එහි නව මිල 1,281ක්.

කිලෝ 2.3ක් ලෙස සටහන්ව තිබූ ලිට්‍රෝ කුඩා සිලින්ඩරයක මිල ද රුපියල් 83කින් පහත දැමූ අතර එහි නව මිල රුපියල් 598ක් වනවා.