කොත්තු, රයිස් මිල අද සිට සියයට 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි.
කෙසේ වෙතත්, කිරි තේ සහ තේ කෝප්පයක මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

