ඊයේ(04) දිනයේ පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොලී අනුපාත සුවිශේෂි ලෙස පහත වැටී තිබේ.
ඒ අනුව එක්වරම පොලී අනුපාත 10% – 12% ත් අතර ප්‍රමාණයකින් පහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.
අවසන් වෙන්දේසියේදී වසර 2කින් කල් පිරෙන බැඳුම්කරයන්ගේ පොලී අනුපාත 28%ත් – 29%ත් අතර පැවතියද ඊයේ පැවති වෙන්දේසියේදී එම පොලී අනුපාත 14.25%ත් 15.75%ත් මට්ටම දක්වා පහත වැටී තිබේ.
දේශීය ණය ප්‍රශස්තකරණයේදී බැංකුවල බැඳුම්කර ප්‍රශස්තකරණයට ලක් නොවීම හේතුවෙන් මෙලෙස පොලී අනුපාත පහත වැටී ඇති බවයි ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ.
එමෙන්ම දිගින් දිගටම සිදුවන උද්ධමනයේ පහත යාමද මේ සඳහා තවත් එක් මූලික හේතුවක් බවට පත්ව තිබෙනවා.
ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සුබවාදී තත්ත්වයක් බවයි.
මෙයට සාපේක්ෂව නුදුරේදීම බැංකු පොලී අනුපාතයන්ද පහත යනු ඇත.

