එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙවර BRICS සමුළුවේ ප්‍රමුඛතාව නව මුදල් ඒකකයක් හඳුන්වාදීම කෙරෙහි යොමු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම මුදල් ඒකකයට ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් වන බවයි.
BRICS සන්ධානය ආරම්භ කළේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය එක්වී 2009 වසරේ ජුනි මාසයේදී ආරම්භ කළ අතර 2010 වසරේදී එම සංවිධායට දකුණු අප්‍රිකාව ද එක් විය.
මෙම සංවිධානය ලොව ප්‍රමුඛතම නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්හි බලගතු සන්ධානයක් ලෙස සැලකෙන අතර මෙය පිහිටුවීමේ අරමුණ වූයේද 2050 වන විට ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍ය දරණ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ගොඩ නැගීමය.
මෙලෙස නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත්තේ ලෝකයේ තවත් රටවල් රැසක් BRICS සන්ධානය සමග එක්වීමට සූදානමින් සිටින පසුබිමකය.
එනම්, ආර්ජන්ටිනාව, ඇල්ජීරියාව, බහරේන්, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනිසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය BRICS සන්ධානයට එක්වීමට නිල වශයෙන් අයඳුම් කර තිබෙනවා.
එමෙන්ම ප්‍රංශය, කියුබාව, පාකිස්තානය, තායිලන්තය ඇතුළු තවත් රටවල් 41ක් BRICS සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වනවා.
ඔවුන් එම නව මුදල් ඒකකය භාවිත කිරීමටත් එකඟතාව පළකර තිබීම විශේෂත්වයක්.

