පසුගිය සමයේ උද්ධමනය දිගින් දිගටම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාතිකයන් ඉහළ දැමීමට තීරණය කරන ලදි.
ඒ අනුව පසුගිය අප්‍රේල් මාසය වන විට වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරුම් තැන්පතු සඳහා ගෙවන පොලිය 10%ක තරම් ඉහළ අගයක් ගනු ලැබූ අතර ස්ථීර තැන්පතු පොලිය 20%ත් 25%ත් අතර සීමාවක් ඉහළ ගොස් තිබිණි.
නමුත් මේ වන විට සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය 2.5ත් 4ත් අතර පරාසයක් දක්වාත් ස්ථීර තැන්පතු සඳහා ගෙවන පොලිය 10%ත් 15%ත් අතර පරාසයක් දක්වාත් පහත දමා ඇත.

