මෙරටට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර අනෙක් භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේ දී ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.
තවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචනයක් කිරීමට ද මෙහිදී තීන්දු වී ඇති බව සඳහන්.
මේ වන විට භාණ්ඩ 286ක් ආනයන තහනම් ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව භාණ්ඩ 930ක ආනයන තහනම පෙර පරිදි ක්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත් මීට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 500ක් ආනයන තහනම් කාණ්ඩයේ පැවතුණා.
ඉන් 250ක ආනයන තහනම් ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබුවා.
මේ අනුව ආනයන තහනම පනවා ඇති භාණ්ඩ ලබන සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.

