වසරේ ගත වූ මාස කිහිපය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය සියයට 14 යි දශම 8 කින් අධිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එමෙන්ම අනෙකුත් මුදල් ඒකකයන්ට සාපේක්ෂවද රුපියලෙහි අධිප්‍රමාණය වීමක් දක්නට ලැබෙන බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව සියයට 5 යි දශම 3 කින් හා යූරෝ ඒකකයට සාපේක්ෂව සියයට 8 යි දශම 3 කින් රුපියල ශක්තිමත් වී තිබෙනවා.
