Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

රුපියල තවදුරටත් බාල්දු වෙයි! අප්‍රේල් 03 වනදායින් පසු වාර්තා වූ ඉහළම ‘ නිරූපිත එතැන්’ විනිමය අනුපාතය අද වාර්තා වෙයි!

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේද ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 314.95 ක් ලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 328.65 ක් ලෙසත් සටහන් විය.

මේ අතර අද (18) එක්සත් ජනපද ඩොලරයේ “නිරූපිත එතැන්” විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 322.80ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

ඊයේ එම අගය දැක්වුණේ රු. 319.12ක් ලෙසිය.

2023 අප්‍රේල් 04 පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකයෙහි වාර්තා වූ වැඩිම වටිනාකම මෙය ලෙස දැක්වෙයි.