Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘සිලෝන් ටී’ නාමය ලොවට රැගෙන ගිය ඩිල්මා නිර්මාතෘ දිවි සැරිය නිම කරයි

3 years ago

මෙරට ප්‍රධාන පෙලේ තේ නිෂ්පාදන මෙන්ම අපනයන සමාගමක් වන ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මිය යන විට ඔහු 93 වන වියේ පසු වුණා.

1985 වසරේදී ඩිල්මා සමාගම පිහිට වු අතර එහි නිෂ්පාදය කරනු ලබන මෙරට තේ මේ වන විට රටවල් සියයකට අධික සංඛ්‍යාවකට අපනයනය කරනු ලබනවා.

මෙරට තේ සහ ශ්‍රී ලංකා සන්නාමය ලොවට රැගෙන යාමේ පුරෝගාමියෙකු වූ මෙරිල් ජේ ප්‍රනාන්දුගේ දේහය හෙට උදැසන 08 සිට මහජන ගෞරවය සදහා කොළඹ පෞද්ගලික මල්මාලාවක තැන්පත් කිරීමට නියමිතයි.