Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුවේ නිල ලාංඡනය භාවිතා කරමින් සිදුකරන මූල්‍ය වංචා කිහිපයක් පිළිබඳව ජනතාවට දැනුම්දීමක්

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය භාවිත කරමින් සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජනතාවට දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පවසනවා.

සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මෙම වංචනික ක්‍රියාවන් සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙවැනි වංචනික ව්‍යාපාරයන්ට නොරැවටෙන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.