අන්තර්ජාතික මූළය අරමුදල සමග පැවැති සාකච්ඡාවකින් පසුව මෙරට ඉන්ධන මිල සංශෝධනය වන දිනය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන තිබේ.එහිදී තිරණය වී තිබෙන්නේ මාසයක් තුළ නිශ්චිත නොවන දවසකදී ඉන්ධන මිල සංශෝධනය කරන බවයි.
මෙම මස 27 වනදායින් පසුව ඉන්ධන මිල අඩු කිරිම හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් රජය තිරණය කරන බව වාර්තා වේ.මේ සදහා ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සහ ඩොලරයේ අගය පදනම් කරගැනීමට නියමිත බව ද වාර්තා වේ.

