ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ගණන් එකම මට්ටමටකට ගැනීමට ඉදිරියේදී ක්‍රියා කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ අනුව ලාෆ් ගෑස් මිල ද ලිට්‍රෝ ගෑස් මිලට සමාන වන ආකාරයෙන් මිල සූත්‍රයක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අදාළ සමාගම් දෙක ගෙන්වා ඒ සදහා සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි.

