Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්

3 years ago

චීනයේ සයිනොපෙක් සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

ඒ සමගම ඉන්ධන ආනයනය සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාට ඉන්ධන ආනයනය සඳහා වැයවන ඩොලර් ප්‍රමාණය අඩු වීම හේතුවෙන් ඉන්ධන කෝටාව වැඩි කිරීමට හෝ qr කේතය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිබඳව සලකා බැලෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම අගෝස්තු මාසයේ සිට ඉන්ධන මිල සූත්‍රය භාවිතා කර ඉන්ධන අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

එහිදී උපරිම සිල්ලර මිලට යටත්ව තමන් කැමති මිලකට ඉන්ධන අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.