Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරටදී නිපද වූ පළමු විදුලි මෝටර් රථය නොවැම්බරයේ වෙළදපොලට! අලෙවි කරන මිල මෙන්න!

3 years ago

මෙරටදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම පූර්ණ විදුලි මෝටර් රථය වන ‘මෝක්ෂ’ නොවැම්බර් මාසයේදී අයිඩියල් මෝටර්ස් විසින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.

මෙහි හදරදෙනෙකුට අසුන්ගෙන යා හැකි අතර  රෝද හතරේ හතරැස් විදුලි වාහනයක් ලෙස වර්ගීකරණය කර ඇත.

ප්‍රසිද්ධ ඔස්ටින් මිනි මෝක් වෙතින් ආභාසය ලබාගනිමින් නිපදවා ඇති ‘අයිඩියල් මෝක්ෂ’ යනු ඇලෝයි වීල් සහිත පූර්ණ වායුසමීකරණය කළ වාහනයකි.

‘මෙය ලිතියම් බැටරියකින් සමන්විත වන අතර, එය එක රැයකින් ඇම්පියර් 15ක ගෘහස්ථ චාජරයකට සම්බන්ධ කිරීමෙන් එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා පරාසයක් ලබා දෙන බව අයිඩියල් මෝටර්ස් හි සභාපති නලීන් වෙල්ගම සඳහන් කරයි.

මෙම මෝටර් රථය අපනයනය කිරීම සම්බන්ධයෙන්වන විමසීම් මේ වනවිටත් අප්‍රිකාවෙන් ලැබී ඇති බවත්, 2024 අවසානයේ සිට අපනයන සිදුකරනු ඇති බවත්, ඔහු වැඩිදුරටත් පවසයි.

‘අයිඩියල් මෝක්ෂ’ රුපියල් මිලියන 4.5ක මිලකට අලෙවි කිරීමට නියමිතය.