ඉවත දමන කඩදාසි සහ පත්තර භාවිත කරමින් සිදුකරනු ලබන විවිධ නිෂ්පාදන මෙරටට විදේශ විනිමයක් ලබා ගත හැකි බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි. මේ වන විටත් කඩදාසි නිෂ්පාදන මගින් වාර්ෂිකව ඩොලර් මිලියනයක පමණ ආදායමක් උපයන ව්‍යාපාරිකයෝ බිහිවී සිටිති.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සහාය ලබාගෙන දැනටද ඉවත දමන කඩදාසි යොදා ගෙන නිර්මාණ සිදු කරමින් අපනයනය කරනු ලබන ව්‍යවසායකයෝ මෙරට සිටිති. ඔවුන් විසින් කඩදාසි පැන්සල්, ඇසුරුම් නිෂ්පාදන, ලාම්පු ආවරණ, විසිතුරු ගමන්මලු, කූඩ වැනි නිෂ්පාදන සිදුකර ඇත.
මෙම නිෂ්පාන සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ඊට අමතරව කැනඩාව, ඔස්ට්‍රේලියා, ඉතාලිය වැනි රටවලට මෙම නිෂ්පාදන අපනයනය කරනු ලබයි. සෑම වසරකදීම වසරින් වසර ඉල්ලුම වැඩි වන ව්‍යාපාරයක් බවට කඩදාසි නිෂ්පාදන මේ වන විට පත්ව ඇති අතර එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙහි අමුද්‍රව්‍ය සහ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියම පරිසර හිතකාමී වීමයි.
මේ වන විටත් මෙම කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලිය දිවයින පුරා පැතිර ඇති අතර එම ආයතනය මෙරටේ කඩදාසි නිෂ්පාදන සිදුකරන ප්‍රමුඛතම කර්මාන්තශාලාවක් බවට පත්ව තිබේ. ඔවුන් විසින් මාසිකව කඩදාසි ටොන් අටක් යොදා ගනිමින් නිෂ්පාදන සිදුකරයි. මෙම නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නිෂ්පාදකයන්හට කඩදාසි සපයා ගැනීමේදී දුෂ්කරතා මතුව ඇති බැවින් නිෂ්පාදන සඳහා අවශ්‍ය කඩදාසි සැපයීමට හැකියාව පවතින පිරිස් සිටින්නේ නම් ඔවුන් වෙතින් කඩදාසි මිලදී ගැනීමටද මෙම නිෂ්පාදකයෝ සූදානම්ව සිටිති.

