Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල පහත යාමක් පිළිබඳව ඇමති කාංචනගෙන් දැනුම්දීමක්

3 years ago

SINOPEC සමාගම සැප්තැම්බර් 20 දින සිට සිය සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූයේ SINOPEC ආයතනය ඔවුනගේ බෙදුම්කරුවන් 150 දෙනා අතරින් 109 දෙනෙකු සමඟ ඊයේ උදෑසන වන විට ගිවිසුම් ගතවීම් අවසන් කර තිබූ බවත් ලබන සතිය වන විට බෙදුම්කරුවන් 150 දෙනා සමඟින්ම ගිවිසුම් ගතවීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම සැප්තැම්බර් 20 වනදා වන විට ඔවුන් සියලුම බෙදුම්කරුවන් එක්ක ඔවුන්ගේ සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

ඔවුනගේ වැඩකටයුතු සියල්ල ඉන් පෙර අවසන් කර ගැනීමට හැකි වුවහොත් එදින සිට ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමේ සූදානමකින් Sinopec ආයතනය පසුවන බව කාංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.

එසේම දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවිකරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවිකිරීමට එම සමාගමට අවසර දී ඇති බවද අමත්‍යවරයා පවසයි.

එම මිල අඩු කිරීම SINOPEC සමාගම සිය උපරිම ධාරිතාවයෙන් යුතුව කටයුතු කිරීමේදී ඔවුනට ලබා දිය හැකි උපරිම මිල සහනය ජනතාවට ලබා දීම සඳහා ඔවුන් සූදානමින් පසුවන බව අමාත්‍යවරයා පවසනවා.