වර්ෂාව නොමැතිකම හේතුවෙන් උක් අස්වැන්න අඩු වී ඇති බැවින් වසර හතකට පසුව ප්‍රථම වරට ඉන්දියාව සීනි අපනයනය නවතා දැමීමට තීරණය කර ඇත.
එළඹෙන ඔක්තෝම්බර් මාසයේ සිට මීළඟ කන්නයේදී සීනි අපනයනය තහනම් කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බවද සදහන් කරයි.
ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සහ දකුණු කර්නාටක ප්‍රාන්තයේ ප්‍රධාන උක් වගා කරන දිස්ත්‍රික්ක වලට වැසි සියයට 50%කට වඩා අඩු බව ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙරටට සීනි ආනයනය කරන ප්‍රධාන රටවල් අතර ඉන්දියාවේ පෙරමුණේ පසුවන අතර මෙම තහනම ක්‍රියාත්මක වුවහොත් මෙරට සීනි මිලෙහිද ඉහළ යාමක් සිදු විය හැකි බවයි පැවසෙන්නේ.

