දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල ප්‍රතිව්‍යුහගත වන්නේ නම් එහිදී සේවක අර්ථ සාධක අරමුදලට සිදුවන අවස්ථා අලාභය 4%ක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එසේ නොකරන්නේ නම් සිදුවන අවස්ථා අලාභය 21%ක ප්‍රතිශතයක් බවත්ය.
රජයේ මුදල් කාරක සභාවට ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් කැඳවු අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

