මහ බැංකුව සහ එහි කටයුතු තවදුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත ඊයෙ (15) සිට ක්‍රියාත්මක වන බවට වාර්තා වනවා.
මහබැංකුව මගින් මීට පෙර සිදුකළ මුදල් මුද්‍රණය මින් ඉදිරියට සීමාසහිත වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව රට තුළ පවතින විශේෂ ආරක්ෂක ගැටලුවක දී හෝ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටලුවකදී යනාදී සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණක් මුදල් මුද්‍රණයට අවස්ථාව හිමිවන බව සඳහන්.
එසේ මුදල් මුද්‍රණය කළ හැකි වන්නේ නිකුත් කර ඇති භාණ්ඩාරගාර බිල්පත් වටිනාකමෙන් 5%ක වටිනාකම නොඉක්මවන මුදලක් පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළා.

