එළඹෙන අය වැයෙන් නව බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් අද පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
රට තුළ වගා නොකරන ඉඩම් සඳහා එම බද්ද පනවන බවත් එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් විවිධ හේතුන් මත වගා නොකර අතහැර දමා ඇති බවත් රාජ්‍ය වැවිලි සංස්ථාවේ වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

