Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව විදුලි ගාස්තු පහත දැමීම

විදුලි ගාස්තු යලි ඉහලට

3 years ago

මෙම වසර අවසානයේ ලංකා විදුලි බල මණ්ඩල විසින් සිය විදුලි ගාස්තු නැවත වතාවක් ඉහළ දැමීමට කටයුතු කිරීමට සිදුවන බවද ඉංජිනේරුවන් කියා සිටිති.

මෙම වසරේ දී විදුලි ගාස්තුව දෙවතාවක දී ම ඉහළ දමා ඇති බවත් මෙම වසර අවසානයේ රුපියල් කෝටි 5000 ක අධික පාඩුව පියවා ගැනීමට නම් ජනවාරි මාසයේදී නැවතත් විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙති.

පුද්ගලික බලාගාර හා තාප විදුලි බලාගාරවලින් විදුලිය ලබා ලබාගෙන අඛණ්ඩව විදුලිය ලබා දීම සඳහා කටයුතු කිරීම මත විදුලිබල මණ්ඩලය මෙසේ පාඩු ලබමින් සිටින බව ද ඉංජිනේරුවන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ විදුලි ගාස්තු ඉහල නොදැම්මත් ජනවාරි මාසයේදී විදුලි ගාස්තුව වැඩි කිරීමට අනිවාර්යෙන්ම සිදුවනු ඇති බවද ඔවුන් තවදුරටත් කියා සිටිති.