Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොටල්වල ගාස්තු සහ ආහාර මිල ගණන් අඩු කරයි

3 years ago

කොළඹ නගරය තුළ පිහිටා තිබෙන සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල ගාස්තු අඩු කර තිබෙන බව වාර්තා වෙනවා.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ලබන ඔක්තෝබර් මස 01 දා සිට සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල අවම මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, තරු පහේ සංචාරක හෝටලයක කාමර ගාස්තුව අමෙරිකානු ඩොලර් 100ක් ද, තරු හතරේ සංචාරක හෝටලයක කාමර ගාස්තුව අමෙරිකානු ඩොලර් 75ක් ද, තරු තුනේ සංචාරක හෝටලයක කාමරයක් සඳහා අමෙරිකානු ඩොලර් 50ක් ද, තරු දෙකේ සංචාරක හෝටල් කාමරයක ගාස්තුව අමෙරිකානු ඩොලර් 35ක් ද, තරු එකේ සංචාරක හෝටලයක කාමරයක් සඳහා අමෙරිකානු ඩොලර් 20ක් ද වශයෙන් මිල අවම කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම, සංචාරක හෝටල්වල ආහාර මිල ගණන් ද අඩු කර ඇතැයි වාර්තා වෙනවා.