පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ විවිධ බදු වර්ග සහ ඩොලරයේ අගය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම සිදු වූ බවයි.
තම සංගමයේ එකම බලාපොරොත්තුව පාන් ගෙඩියක මිල රුපියල් 100 හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාම බව එන්. කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

