අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ද සහිතව වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණයට එක්වෙමින්.
ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ව්‍යවස්ථාව වසර අවසානය වන විට පනවනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

