Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි! නව මිල ගණන් මෙන්න!

3 years ago

අද (01) සවස 6.00 න් පසුව ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩිකිරීමට සිනොපෙක් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින් වැඩි කිරීමටයි සිනොපෙක් සමාගම තීරණය කර තිබෙන්නේ.

අනෙකුත් ඉන්ධන මිල වැඩිවීම් පහත පරිදි වෙනවා.

ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල වැඩිවී නැති අතර එය පැවති මිල වන රුපියල් 358 ක මට්ටමේ පවතිනවා.

ඔක්ටේන් 95පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 414 ක් වන අතර එහි නව මිල රුපියල් 420 ක් ලෙස රුපියල් 6 කින් වැඩි කර තිබෙනවා.

ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 338 ක් වන අතර එහි නව මිල රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද වැඩිවී තිබෙනවා.