ලොව විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදක රටවල් දෙක වන සෞදි අරාබිය සහ රුසියාව සිය නිෂ්පාදන කප්පාදුව සහ අපනයන සීමාවන් මේ වසර අවසන්වනතුරු දීර්ඝ කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
සැපයුම සීමිතවීමත්, ඉහළ යන ඉල්ලුමත් හමුවේ තෙල් මිල තවදුරටත් ඉහළයාම අපේක්ෂා කළ හැකි බව විශ්ලේෂකයෝ පවසති.
ඔපෙක් ප්ලස් සංවිධානයේ ප්‍රධාන රටවල් දෙක වන සෞදි අරාබිය සහ රුසියාව මෙම තීරණය ප්‍රකාශයට පත්කරන ලද්දේ එම සංවිධානයේ තෙල් අමාත්‍යවරුන් මාර්ගගත රැස්වීමකට එක්වීමට ආසන්නව තිබියදීය.
සෞදි අරාබිය ප්‍රකාශ කළේ දිනකට තෙල් බැරල් මිලියනයක කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක කරන බවත්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ද දිනකට තෙල්බැරල් මිලියන 09ක් පමණක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.
රුසියාව දිනකට තෙල් බැරල් 500,000ක නිෂ්පාදන කප්පාදුවක් සිදුකරන අතර එම කප්පාදුව වසර අවසානය තෙක් බලපැවැත්වෙන බව රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් සඳහන් කළේය.
එමෙන්ම රුසියාව දිනකට තෙල් බැරල් ලක්ෂ 03ක අපනයන කප්පාදුවක් ද ක්‍රියාත්මක කරයි.
එම සීමාව ද වසර අවසානය තෙක් ක්‍රියාත්මක කරන බව රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

