නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනුවලින් අමෙරිකානු ඩොලර් කෝටි 10ක් අයථා ලෙස ඉපයූ බව කියන ONMAX DT පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් රුපියල් කෝටි 43ක මුදලක් ආයෝජනය කර ඇති අමෙරිකානු මූල්‍ය ආයතනයක ගිණුම් අටක් තවත් මාස හයකට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අමෙරිකානු සමාගමක් වෙත ඊයේ(09) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය අමෙරිකානු BINANCE.COM ප්‍රධාන විධායක නිලධාරියා වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීමයි අධිකරණය විසින් නියෝග කළේ.
මෙසේ අත්හිටුවනු ලැබුවේ ධනංජය ගයාන්, සම්පත් සඳරුවන්, ලේන දුවගේ රන්දික ජයතිස්ස, වික්‍රම පේලිගේ චන්ද්‍රකාන්ති, කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ONMAX DT(PVT)LTD හා ONMAX PTU LTD යන අයට හා සමාගම්වලට අදාළ ගිණුම්ය.
මෙම නීතිවිරෝධී පීරමීඩාකාර ගණුදෙනු ක්‍රමය සඳහා පුද්ගලයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මුදල් ආයෝජනය කර ඇති බව සඳහන් වේ.

