Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව ජල ගාස්තු - Water bill

ජල ගාස්තුව යළිත් ඉහළට

3 years ago

විදුලි ගාස්තුව ඉහළ දැමීමට සමගාමීව ජල ගාස්තුවද ඉහළ නංවන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය. ජල පිරිපහදුව, බෙදාහැරීම ආදී කාර්යයන් සඳහා විශාල ලෙස විදුලිය වැය වන බැවින් එකී පාඩුව පියවා ගැනීමට ජල බිල ඉහළ නැංවීමට සිදුවන බව හෙතෙම සඳහන් කළේය.

ජල ගාස්තුව වැඩි කළත් තවමත් මණ්ඩලය පාඩු ලබන බවත් විදුලි ගාස්තුව වැඩි වුවහොත් එම පාඩුව තවත් ඉහළ යාම නිසා ජල ගාස්තුව යම් ප්‍රතිශතයකින් ඉහළ දමන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.