Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

gold

යුද උණුසුම හේතුවෙන් රන් මිලෙහි නොහිතන වෙනසක්

3 years ago

ඊශ්‍රායල – පලස්තීන යුදමය වතාවරණයේ බලපෑම හේතුවෙන් මෙරට රන් මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදුව තිබේ.

පසුගිය සතියේ දී විදේශීය වෙළෙඳපොළේ රත්‍රං මිල කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම මෙයට හේතු වී තිබේ.

විදේශීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් ඩොලර් 1,820 සිට ඩොලර් 1,925ක් දක්වා ඩොලර් සියයකට වැඩි අගයකින් මෙම සතිය තුළ ඉහළ ගොස් තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියට සාපෙක්ෂව මෙරට වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව කැරට් 24ක රන් පවුමක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 173,000ක පමණ මිලකට බවයි වාර්තා වන්නේ.