පසුගිය සමයේදී සිදු වූ කුකුළු මස් මිලෙහි ඉහළ යාම හේතුවෙන් මේ වන විට වෙළදපොලේ කුකුළු මස් ඉල්ලුම සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයන් සදහන් කරයි.
පාරිභෝගිකයින් කුකුළු මස් මිලදී නොගැනීම සහ වෙළෙඳපොලට වැඩි වශයෙන් කුකුළු මස් සැපයුම ලැබීම හේතුවෙන් මේ වනවිට ශීත නොකළ කුකුළු මස් කිලෝවක් රුපියල් 850 – 950ත් දක්වා අඩු වී ඇති බවද ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.
කෙසේ වෙතත් එළඹෙන සතියේදී කුකුළු මස් මිල ගණන් තවදුරටත් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

