ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (18) තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
මෙම ඉහළ යාමට හේතුව වී ඇත්තේ ගාසා රෝහලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ 2%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
ඒ, තෙල් බැරලයක මිල ඩොලර් 91යි ශත 65ක් ලෙස සටහන් කරමින්.
අමෙරිකානු WTI තෙල් බැරලයක මිල ද ඩොලර් 88යි ශත 57ක් ලෙස 2.2%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලීය බැංකුවේ විශ්ලේෂකයා පවසන්නේ විශේෂයෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරය ආක්‍රමණය කර එය දිගුකාලීනව අත්පත් කරගෙන සිටීමේ තත්ත්වයක් ඇති වුවහොත් ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවනු ඇති බවයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉන්ධන මිල ලබන මස මුලදී සැලකිය යුතු වැඩිවීමක් සිදු වනු ඇතැයි වාර්තා වේ.

