Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

භාණ්ඩ රැසක මිල ඉහළ යාමේ අවදානමක්

3 years ago

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් යුරෝපයෙන් ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යා හැකි බවට වාර්තා වනවා.

ඒ නැව් සමාගම් විසින් රක්ෂණ ගාස්තුව ඉහළ දැමීම හේතුවෙන්.

පවතින යුදමය තත්ත්වයත් සමඟ සූවස් ඇළ මාර්ගය ඔස්සේ නැව් ගමන් කරන බැවින් සමාගම් විසින් අවදානම් රක්ෂණ ගාස්තු ඉහළ නංවා ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එබැවින් නෞකාවලින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුද ඉහළ දමනු ඇති බව වාර්තා වනවා.