Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළවළු මිලෙහි සැලකිය යුතු වෙනසක්

3 years ago

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනයත් සමග එළවළු වගා බිම් රැසක් විනාශ වීම නිසා එළවළු මිල ගණන් 30% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථානයන්හි වෙළඳාමේ නිරත වෙළඳුන් පවසනවා.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් බෝංචි,ගෝවා,තක්කාලි වගාවන්ට දැඩි හානි වී ඇති අතර ඒ හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග විශාල ලෙස අඩුවී ඇත.

මේ වනවිට බෝංචි කිලෝවක තොග මිල රුපියල් 400 ත් 420 ත් අතර මිලක් දක්වාද මාළු මිරිස් කිලෝව රුපියල් 500 ත් 550 ත් අතර මිලක් දක්වාද අමු මිරිස් කිලෝව රුපියල් 400 ත් 500 ත් අතර මිලක් දක්වාද ඉහළ ගොස් තිබේ.

ඉදිරියේදී මෙම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළඳුන් පවසන්නේ.