විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබෙනවා.
ඉන්ධන මිලද ඉහළ යාමද මේ සඳහා හේතු වී තිබෙනවා.
පාසල් උපකරණ නිෂ්පාදන සමාගම් සිය නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීමේ ක්‍රියාවලියක් පවතින හෙයින් ඉන්ධන මිල වැඩි වීම ඒ කෙරෙහි බරපතළ ලෙස බලපාන බවයි ඔවුන් පවසන්නේ.
පවතින තත්ත්වය මත මිල වැඩි කිරීමකින් තොරව සමාගම් පවත්වාගෙන යා නොහැකි බවයි ඔවුන් පවසන්නේ.
නව වසර සඳහා රජයේ පාසල්වල පළමු පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස මැද දී වුවත් උත්සව සමයේ දී පාසල් පොත් ඇතුළු උපකරණ මිලදී ගැනීම සාමාන්‍ය තත්ත්වයකි.

