Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තෙල් පිරිපහදුව

මෙරට දැවැන්තම විදෙස් ආයෝජනය කිරීමට සයිනොපෙක් සමාගම සැරසෙයි

3 years ago

එදා මෙදා තුර මෙරටට ලැබුණු ඉහළම වටිනාකමකින් යුතු ආයෝජනය සිදු කිරීමට චීනයේ සිනොපෙක් සමාගම සූදානමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිරිකිරීමට අදාල වූ එකී ආයෝජනයේ වටිනාකම ඩොලර් බිලියන 1.5 කි.

මෙම ආයෝජනයට අදාල ගිවිසුම් අත්සන් තැබීම සති දෙකක් තුළ සිදු වනු ඇතැයි ඩේලි මිරර් පුවත්පත වැඩි දුරටත් වාර්තා කර තිබේ.

පසුගියදා චීනයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා, එම සංචාරය අතරතුර, සිනොපෙක් සමාගමේ ප්‍රධානියා හමු වී තිබුණි.

හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදි කිරීම සදහා සිනොපෙක් සමාගමට අමතරව, විටෝල් නම් සිංගප්පූරු සමාගමද ඉදිරිපත්ව සිටි අතර, පසුව විටෝල් සමාගම ඉවත් වීම හේතුවෙන් සිනොපෙක් සමාගමට ව්‍යාපෘතිය හිමි විය.