ගෑස් මිල ඉහළ යාම හමුවේ බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේ හැකියාව නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්. කේ ජයවර්ධන පැවසූවේ බේකරි නිෂ්පාදන අලෙවිය 25% කින් මේ වනවිටත් පහළ ගොස් ඇති බවයි.
ඒ අනුව ගෑස් මිල වැඩි වුවත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව එන්. කේ ජයවර්ධන වැඩිදුරටත් පැවසීය.

