Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි බිල ගැන විශේෂ තීරණයක්! සියලුම විදුලි පාරිභෝගිකයන්ට දැනුම්දීමක්!

3 years ago

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා ebill.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහාද මෙම සේවාව සඳහා ලියාපදිංචිවීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන් EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමුකළ යුතුවෙයි.

මේ වනවිට දෙහිවල කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලද මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලටද මේ වනවිට නිකුත් කරන්නේ ඊ බිල්පත් පමණි.

මුද්‍රිත බිල්පත් නිකුත්කිරීම මුළුමනින්ම නතරකිරීම මෙම ක්‍රමවේදයේ මූලික අරමුණ වී තිබේ.

මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් වෙත සැපයීම අරමුණ වී ඇති බවය.