ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය ආයතන වලින් ණය ගැනීමේ සැළසුමෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඩොලර් මිලියන 1650ක පමණ මුදල ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට නොහැකි වන බව තමන් ස්ථිර වශයෙන්ම පවසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කරයි.
2024 වසරේ සිට තෙල් හා විදුලියටත් වැට් බදු එන බවත් තවත් භාණ්ඩ 150 කට පමණ වැට් බදු එන බවත් එවිට අපේක්ෂිත ආදායම් ලැබෙන්නේ නැති බවත් පසුගිය වසරේ රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් රජයේ ආදායම් එකතු කරගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක වු බවද මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කරයි.
මන්ත්‍රී පාඨලී චම්පික රණවක තවදුරටත් සදහන් කළේ,
“මේ අය වැය යථාර්ථවාදී නෑ. මේ අය වැය සිහින ලෝකයේ හදපු එකක්. ගිය අවුරුද්දේ අපිට කිව්වා බදු ආදායම් ලබා ගන්නවා කියලා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව එකතු වෙලා බිලියන 3130ක්. නමුත් ආණ්ඩුවම කියන විදියට බදු ආදායම මිලියන 2600 යි. 20% ක අඩුවක් එතන පෙන්නලා තියෙනවා. එහෙම සීයට විස්සක අඩුවක් පෙන්නලා තියෙද්දී 2024ට යෝජනා කරනවා බිලියන 3800ක් හොයන්න යනවයි කියලා මේ ආයතන තුන. ඉතින් කොහොමද අපි මේක විශ්වාස කරන්නේ.?
එදිනෙදා භාණ්ඩ වලට ගහලා තියෙන වැට් බද්දෙන් 2023 එකතු කරන්න බලාපොරොත්තු වුණා බිලියන 908ක්. හැබැයි එකතු වෙලා තියෙන්නේ 680 යි. 25% ක වැට් බදු අඩුවක්. මොකක්ද මේකෙන් පෙන්වලා තියෙන්නේ? ජනතාව කන්නේ බොන්නේ නැහැ. ඒකයි හේතුව. ජනතාවගේ ආර්ථිකයට අතමිට නැහැ. අතමිට තිබුණා නම් බඩු මිලදී ගන්නවා. බඩු මිලදී ගත්තා නම් වැට් බදු වැඩි වෙනවා. වැට් බදු තවත් 3% කින් වැඩි කරලා තියෙනවා. ලබන වසරේ සිට තෙල් වලට, විදුලියටත් වැට් බදු එනවා.
භාණ්ඩ තව 150 කට පමණ වැට් බදු එනවා. ඒ ආවයි කියලත් අපේක්ෂිත ආදායම් ලැබෙයි කියන්න බෑ. මොකද මහජනයා පරිභෝජනය අඩු කරගෙන යනවා. තුන් වේල කාපු මිනිහා දෙවේල කන, දෙවේල කාපු මිනිහා එක වේල කන තත්ත්වයට රට පත්වෙමින් යන නිසා. ඒ වගේම හරියටම එකතු වෙච්ච බද්දක් තියෙනවා. ඒක තමයි අර වෘත්තීයවේදීන්ට ගහපු බද්ද. එම බද්ද බලාපොරොත්තු වුණාටත් වැඩිය හොඳට කරලා තියෙනවා. බලාපොරොත්තු වුණේ බිලියන් 100 යි. එකතු වෙන්න යනවා 142 ක්.”

