මෙවර අයවැයෙන් මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට යෝජනා කළද ඒ හරහා මත්පැන් මිල ඉහළ දැමීමේ කිසිදු හැකියාවක් නොමැති බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පවසා සිටියේ මත්පැන්හල් විවෘත කර තැබීමේ කාලසීමාව කාලානුරූපීව සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.
කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

