රාජ්ය බැංකුවල කොටස්වලින් 20%ක කොටස් විකුණා දැමීමට 2024 අයවැය තුළින් යෝජනා කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය පවසනවා.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම යෝජනාව පරාජය කිරීමට ගත හැකි සියලු ක්රියාමාර්ග ගන්නා බවයි.
එය ජාතික අපරාධයක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ හරහා බැංකු පූර්ණ වශයෙන් විකුණා දැමීම පවා සිදුවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මීට පෙරද මේ ආකාරයෙන්ම බැංකු කොටස් විකුණා දැමීමට උත්සාහ කර ඇතත් ඒ සෑම අවස්ථාවකදීම එම උත්සාහයන් පරාජයට පත්ව ඇති බවත් නිවේදනයේ සඳහන්ය.

