ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැට් අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කිරීම තුළින් ඉන්ධන ඇතුළු භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන බව අයවැය විවාදයට එක්වෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා.
එම විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ කියා සිටියේ ඉදිරියේදී ජනතාවට ජිවත්වීමට නොහැකි තත්ත්වයක් ඇති වන බවත් ඉන්ධන මිල 10% කින් ලබන වසරේ වැඩිවන බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන සඳහන් කළේ ඩිසල් සහ පෙට්‍රල් මිලටත් වැට් බද්ද පැනවීම හේතුවෙන් ඩිසල් සහ පෙට්‍රල් මිල රුපියල් 420 ක් ලෙසට ඉහළ යන බවට අපේක්ෂා කළ හැකි බවයි.

