Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

3 years ago

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ ඩොලර් බිලියන 4.2ක චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කොන්දේසි අනෙකුත් ණයහිමි පාර්ශ්ව සමග හුවමාරු කරගත් බවය.

එම තොරතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ද ලබාදී තිබේ.

ඉන්දියාව ඇතුළු රටවල්වලින් ලබාගත් බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට, චීන ණය සම්බන්ධ තොරතුරු වැදගත් බව සඳහන් ය.

එසේම එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට තවත් අරමුදල් ලබාගැනීමට වැදගත් කරුණක් බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත දෙවැනි වාරිකය සඳහා 2023 නිමවීමට පෙර අනුමැතිය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැකිවෙතැයි මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ.