Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ප්‍රසිද්ධ පාවහන් සමාගමකට අධිකරණයෙන් ලැබුණු නියෝගය

3 years ago

අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත දැනුම් දෙන්නැයි කොළඹ වාණිජ මහාධිකරණය මෙරට ප්‍රසිද්ධ පාවහන් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු වූ අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට හා සමාගමේ ලේකම්වරියට ඊයේ(20) නියෝග කර තිබෙනවා.

අදාල පාවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන් අසංක රාජපක්ෂ ,නෙලානි රාජපක්ෂ සහ සමාගම් ලේකම් වරුණි ද සිල්වා යන වගඋත්තරකරුවන්ට මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නියෝගය නිකුත් කළේ පාවහන් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන සජිත් රාජපක්ෂ යන අයට එම තනතුරුවල කටයුතු කිරීමට බාධා නොකර ඉන්නයි අධිකරණය නිකුත් කළ නියෝගය වග උත්තර කරුවන් විසින් කඩ කර ඇතැයි ඔහුගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීමෙන් පසුවය.

සමාගම් කිහිපයක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන සජිත් රාජපක්ෂ සිය සේවාදායකයා තම සේවය උපරිම අයුරින් ඉටු කර ඇති බව ද,ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර පෙන්වා දී තිබෙනවා.

අධිකරණය ඉදිරියේ වැඩිදුරටත් කරුණු දැක් වූ නීතිඥවරයා පවසා ඇත්තේ සජිත් රාජපක්ෂ මහතා, ඔහු නියෝජනය කළ සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බවත් පසුගිය වසර පහ තුළ ඔහු නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම් වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් බවයි.

මෙම අපහාස නඩුව හා ඊට සම්බන්ධ නඩු තුනක් ඊයේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දුන්නේය.

ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, නවීන් මාරපන ,ජේෂ්ඨ නීතිඥ සුගත්කල්දේරා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් නඩු සඳහා පෙනී සිටියහ.

අදාළ නඩු ලබන 04 හා 15 වෙනි දින යළි කැඳවීමට විනිසුරුවරයා තීන්දු කළේය.