සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 275ක මිලට තවදුරටත් අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවන් පවසයි.
ඒ අනුව රුපියල් 275 බැගින් එක් පාරිභෝගිකයෙකුට සුදු සීනි කිලෝග්‍රෑමයක් පමණක් නිකුත් කරන බවද ඔවුන් සඳහන් කරයි.
සතොස කළමණාකරුවන් පැවසුවේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 330 බැගින් අලෙවි කරන අතර එම සීනි ද පාරිභෝගිකයෙකුට නිකුත් කරන ප්‍රමාණය සීමා කර ඇති බවයි.

