Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල සංශෝධනය

වැට් බදු වැඩිවීම ඉන්ධන මිල සඳහා බලපාන ආකාරය පිළිබඳව ඇමතිගෙන් ප්‍රකාශයක්

3 years ago

යෝජිත 18% ක එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කිරීම ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ(24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

යෝජිත වැට් බද්ද වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණය දෙසැම්බර් 10 වැනිදා ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

එම පිරිපහදුව හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය.