ප්‍රතිපත්ති පොලී අනුපාත තවත් අඩුකරමින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පහත දැමීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.
පසුගිය 23 වනදා පැවති සමාලෝචනයේදී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.
එහිදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය , පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමටයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.
උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණීම සැලකිල්ලට ගනිමින් පොලී අනුපාත පහත දැමීම සිදු කර තිබෙනවා.
ප්රශ්නය – ප්රමුඛ ණය පොලී අනුපාතය ඇතැම් බැංකුවල 15%ට එහා මට්ටමක තිබුණා. මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කළා. මේ වනවිට වාණිජ බැංකු ඒ සඳහා අනුගත වෙලා ද තිබෙන්නේ ?
“බැංකු 10ක් තාමත් ඒ මට්ටමට ඇවිත් නෑ. අපි ඒත් හැමෝටම දැනුම්දුන්නා දෙසැම්බර් 31 වෙනවිට එන බවට. නැත්නම් අපි යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා. අපි ඒක දැනුම්දීලා තියෙන්නේ.”

