Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනවාරි 1 වනදා සිට පෙට්‍රල් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් ?

3 years ago

ජනවාරි පළමුවෙනිදා සිට පෙට්‍රල් මිල රුපියල් 40කින් ඉහළ යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටී.

ඒ පෙට්‍රල් සදහා ද 18% ක වැට් බද්ද අය කිරීමට රජය තීරණය කිරිමත් සමගයි.

මෙම වැඩිවීම ඩීසල් සහ භූමිතෙල් සදහා අදාල නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක් වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ දෙසැම්බර් මාසයේදී සාකච්ඡා කර ඉන්ධන මත වැට් බදු පැනවීම පිළිබඳව අවසන් තීරණය ගන්නා බවයි.

එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ඩීසල් හා භූමිතෙල් සඳහා මෙම වැට් බදු පැනවීම අදාළ නොවනු ඇති බවයි.