Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුතින් VAT බද්ධ පැනවෙන භාණ්ඩ හා VAT බද්ධෙන් නිදහස් වන භාණ්ඩ ලැයිස්තු ව මෙන්න

3 years ago

2024 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙලෙස වැට් අයකරන ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද ඇතුළත් කර තිබෙනවා.

මේ අතර රසායනික පොහොරද වැට් අයකෙරෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර VAT බද්ධෙන් නිදහස් වන භාණ්ඩ අතර තිරිඟු සහ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල්, සහල් පිටි සහ පාන් ඇතුළත් කර තිබේ.

විදුලිය සහ විදුලි බෙදාහැරීම්, බොර තෙල්, භූමිතෙල්, රූපලාවණ්‍ය ඖෂධ නිෂ්පාදන, ඖෂධ වැට් බද්දෙන් නිදහස්කර තිබේ.

එමෙන්ම රෝද පුටු, කිහිලිකරු, කෘත්‍රීම අත් පා සහ ශ්‍රවණාධාර උපකරණද වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ යටතට අයත් වෙයි.

රෝහල් කාමර ගාස්තු හැර අනෙකුත් රෝහල් සත්කාරක සේවා, රසායනික පොහොර හැර අනෙකුත් පොහොර වර්ග මෙන්ම අත් යන්ත්‍ර රෙදිපිළිද වැට් බද්දෙන් නිදහස් කර තිබේ.

එමෙන්ම කුලී රථ හා සංචාරක ප්‍රවාහන රථ හැර අනෙකුත් පොදු ප්‍රවාහන ප්‍රවාහන සේවා සහ මූල්‍ය සේවාවන්ද වැට් බද්දෙන් නිදහස් වෙයි.