ලබන වසරේ ජනවාරි මස මැද භාගය වන විට විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් බොහෝ දුරට එමගින් විදුලි ගාස්තු අඩුවීමක් සිදුවනු ඇති බවත් විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
ලබන වසරේ අප්‍රේල් මසදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බව මින් පෙර පැවසුවද විදුලි බල මණ්ඩලය පසුගිය කාලය පුරාම විදුලිය උත්පාදනය කළේ ජලයෙන් බැවින් එම වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා කියා සිටින්නේය.
ඇමැතිවරයා මේ පිළිබඳව පැවසුවේ පසුගියදා විදුලි බල අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.
මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ විදුලි ගාස්තු සකස් කිරීමේ ක්‍රමවේදය සහ විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනා ලබාගැනීම සඳහාය.

